දරුවන්ගේ නැණ නුවණ පමණක් නොව ආචාරශීලීත්වය, ගුණ ගරුක බව ද වර්ධනය කිරීමට 1957 නොවැම්බර් 04 වන ඉරු දින ශ්‍රී ධර්මරක්ෂිතාරාම විහාරස්තානයේ ප්‍රධාන සංඝනායක තලකිරියාගම සරණංකර ස්වාමීන් වහන්සේගේ අනුශාසනයෙන් මහාචාර්ය කොටහේනේ පඤ්ඤ කීර්ති ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් අභිමානවත් සරණංකර ධර්ම විද්‍යාලය ඇරඹුණු වගයි. අපවත් වී වදාළ පූජ්‍යපාද අලුත්දඹේවටන අත්ථදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු විද්‍යාර්ථයන්ගේ අනුශාසනය ලද දැනට ඉතාමත් දීප්තිමත් ධර්ම විද්යාලකි. සුළු සිසුන් ප්‍රමාණයකින් ඇරඹී අප ධර්ම විද්‍යාලය වර්තමානයේ සිසුන් 500 කට අධික පිරිසක් දහම් අධ්‍යාපනය ලබන අතර මෙහි 20 කට අධික ආචාර්යය මණ්ඩලයක් සේවය කරති. බොහෝ දක්ෂතා වලින් හෙබි ශිෂ්‍ය පිරිසක් දහම් පාසලේ ඉගෙනුම ලබන අතර ශාසනාරක්ෂක තරග වලින් ජයග්‍රහණ ලබාගෙන බටහිර ශාසනාරක්ෂක බලමණ්ඩල තරග වලින් වසර ගණනක් පුරාවට අනෙක් දහම් පාසල් අභිබවමින් ප්‍රථම ස්ථානය හිමි කරගෙන සිටියි. ගුවන් විදුලි ක්ෂේත්රය තරණය කර එහි අග්‍ර ඵලය නෙලා ගත්, ලංකාවේ ප්‍රථම දහම් පාසල වීමේ ආඩම්බරය නිහතමානීව දරමින් FM 96.1 න් සරණංකරයන් තම 50 වන සංවත්සරය සමරමින් මෙත් FM 2006 වසරේදී ආරම්භ කරන ලදී. ශාසනාලයෙන් සුසැඳි ගෞරවනීය සඟරුවනෙහි අනන්ත ආශිංෂනයෙන් ධර්ම අධ්‍යාපනයෙන් මෙන්ම ඉන් ඔබ්බට යමින් විශිෂ්ටයින්ගේ සොඳුරු තිඹිරිගෙය වන වග අවිවාදාත්මකය.
ශ්‍රී සරණංකරය ගැන බිඳක් ...
වීඩීයෝ එකතුව
ත්‍යාග ප්‍රධානෝත්සවය 2018
ත්‍යාග ප්‍රධානෝත්සවය 2015
සරණංකරයන්ගේ අතීතාවර්ජනය
ත්‍යාග ප්‍රධානෝත්සවය 2016
ඡායාරූප එකතුව
ජයග්‍රහණ
පසුගිය ශාසනාරක්ෂක තරඟ වලින් අඛණ්ඩව 4 වතාවක් ප්රමුඛ ස්ථානය ලබා ගැනීමට සමත් වූ සරණංකර දරු දැරියන් මෙවරද (2017) සිය ජයග්‍රහණය සනිටුවහන් කරගනු ලැබුවේ ප්‍රථම ස්ථාන 10 ක් සමග සමස්ථ ජයග්‍රහණ 24 ලබා ගනිමින්ය. මෙසේ කොලොන්නාව බටහිර කලාපයේ 2017 වර්ෂය සඳහාද සෙසු දහම් පාසල් අභිබවමින් ප්රමුඛ ස්ථානය ලබා ගැනීමට සමත් විය.
"සබ්බ පාපස්ස අකරණං -
කුසලස්ස උපසම්පදා -
සචිත්ත පරියොදපනං -
එතං බුද්ධානසාසනං
සියලු පාපයන්ගෙන් මිදීමද - නිතර කුසල දහම් වැඩීමද - සිත පිරිසිදු කර ගැනීමද වන මෙය - සියලු බුදුවරුන්ගේ අනුශාසනයයි
Avoid all evil - Cultivate the good and the true - Purify your heart - This is the teaching of all Buddhas"
සියලු පාපයන්ගෙන් මිදීමද - නිතර කුසල දහම් වැඩීමද - සිත පිරිසිදු කර ගැනීමද වන මෙය - සියලු බුදුවරුන්ගේ අනුශාසනයයි
Avoid all evil - Cultivate the good and the true - Purify your heart - This is the teaching of all Buddhas"